මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීම සූදානම්.2026 වන විට ජනතා අයිතියට!

Date:

කොළඹ LNW:මේ වන විට තාවකාලිකව නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නියමිත අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටස දිග කිලෝමීටර 37 ක් වෙයි.

එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර තිබෙන නමුත් ආර්ථික කඩා වැටීම හමුවේ එම ඉදිකිරීම් සියල්ල අත්හිටුවීමට සිදුවිය.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද කඩිනම් කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්. ඒ අනුව 2026 වසර වනවිට එම මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට රජය අපේක්ෂාවෙන් පසුවෙයි.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරට අයත්වන අතර එහි දිග කිලෝමීටර 32.5 කි. එම කොටසේ ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සහ දේශීය අරමුදල්වලින් සිදුකිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...