පළාත් පාලන මැතිවරණය ගැන හෝඩුවාවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ (LNW):

හෙට (14)දින දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඒ අනුව අදාළ තීරණය සම්බන්ධ විවාදය ලබන සඳුදා (17)පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පැවසේ.

අදාළ තීරණය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ⁣හිමිවනු ඇති අතර, ඒ අනුව අවම දිනවලදී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතින අතර, පාළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇත.තවද, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවෙයි. මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගනු ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී සිදුකෙරෙනු ඇත, අනුව ඒ සඳහා සුදුසුම දිනය වනුයේ අප්‍රේල් මස 22 හෝ  25 වන දින වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි...

ජනවාරි 7 දිවයිනට එන ඉන්දීය අමුත්තා..

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ලබන ජනවාරි 7...