Home PHOTO STORY ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී!...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

0
2

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය ගුවන් විදුලි,පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලය එක්ව එය සංවිධානය කර තිබුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්විය.

මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළ නිර්මාණවේදීන්, කලාකරුවන් මෙන්ම මාධ්‍ය ප්‍රවීණයින්ට එහිදී උපහර පිරිනමන ලදී.

2025 දෙසැම්බර් 16 වැනිදාට ගුවන් විදුලියට වසර 100 සම්පූර්ණ වූ අතර එදින මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබුණද දිට්වා ආපදාව හේතුවෙන් එය කල්දැමීමට සිදුව තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න