*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ඨ ජයක්

දකුණු අප්‍රිකාවේ පැවත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට හැකි වුණා.ඒ බංගලාදේශයට එරෙහිව කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්.මෑත කාලයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැර ගොස් බංගලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත් හෂාන් තිලකරතන්ගේ මඟ පෙන්වීම මේ තරගයට පැමිණි බංගලාදේශ කණ්ඩායම කාසියේ වාසිය සහිතව පන්දුවට පහර දීමට තීරණය ගන්නට ඇත්තේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට වඩා දක්ෂතා අතින් යම් ආකාරයක පසු බැස්මක් පෙන්වන නිසා විය යුතුයි.



ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ඉදිරියේ නොදැවී සිටීමේ දුෂ්කර වෑයමට බංගලාදේශ ක්‍රීඩිකාවන්ට මුල සිටම මුහුණ දෙන්නට වුණා.ඒ හා සමානවම පන්දු රැකීමද ඉහළින් පවත්වා ගෙන ගිය නිසා ලකුණු සොයා යාමේදී දුවද්දී දැවීම් දෙකකටම ගොදුරු වෙන්නත් බංගලාදේශ ක්‍රීඩිකාවන්ට සිඳු වුණා.ඉනෝකා රණවීර සහ සුගන්දිකා කුමාරි ලබා ගත් එම දැවී යාම් දෙකම පන්දු රකින්නියන් විසින් කෙළින්ම කඩුල්ලට එල්ල කර ලබා ගත් දැවි යාම් නිසා ඉදිරියේදි ඒවා යම් ආකාරයක පීඩනයක් ශ්‍රී ලංකාව හා තරගවලදී අන් කණ්ඩායම් මත ද ඇති කරනු නියතයි.
ඉනෝකා රණවීර ඉදිරියේ පරිස්සමෙන් කඩුල්ල රැක ගෙන පන්දුවට පහරදීමේ අභ්‍යාසයේ නිරත වෙන්නට බංගලාදේශ ක්‍රීඩිකාවන් උත්සාහ ගත් බැවින් ඉනෝකා ට එක කඩුල්ලකින් සීමා වෙන්න සිඳු වුණා.නමුත් බංගලාදේශ පිතිකාරිණියන්ට ඉනෝකාගෙන් ලකුණු නොලැබුණු අතර ඇයගේ පන්දු ඕවර් 4 ලකුණු 18 ට සීමා වුණා.

ඉනෝකාගෙන් කඩුලු බේරා ගැනීමට දරණ පීඩනය හමුවේ ඉතාමත් හොඳින් පන්දු යැවූ ඕෂධී රණසිංහගෙන් බංගලාදේශ ක්‍රීඩිකාවන්ට ගැලවීමක් ලැබුණේ නැහැ.ඇය සිය පන්දු ඕවර් 4 නිමා කරේ ලකුණු 23 ට කඩුලු 3 ක් දවා ගනිමින්.LNW නිරන්තරයෙන් මේ තරගාවලියේදී තවත් පිතිකාරිණියක් කණ්ඩායමට කැඳවා පන්දු යැවීමේ වගකීමෙන් කොටසක් චමරි අතපත්තු ලබා ගත යුතු බවට කළ යෝජනාව නිවැරදි එකක් බව ඊයේ තහවුරු වුණා.චමරි ඊයේ පන්දු ඕවර් හතරම යවමින් කඩුලු දෙකක් ලබා ගත්තේ ලකුණු 19 ක් පමණක් ලබා දෙමින්.
ලකුණු 126 ක් කඩුලු 8 ක් දැවී සිය පන්දු ඕවර් 20 නිමාවේදී ලබා ගත් බංගලාදේශය ශ්‍රී ලංකාවට ලකුණු 127 ක ඉලක්කයක් ලබා දුන්නා.අභියෝගයට මුහුණ දෙන්න පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු වටා රොක් වෙන බව හැඟුණා.හතරවන පන්දු ඕවරයේ තෙවන පන්දුවට චමරි දැවී යන විට ලකුණු පූවරුව 17 ක් වූ අතර දැවී ගිය චමරි ඉන් ලකුණු 15 ක් හිමි කරගෙන තිබීමෙන් ඒ වන විට ශ්‍රී ලංකාවේ සැළසුම පැහැදිළි කරගත හැකියි.
මරුෆා අක්තාර් හමුවේ දැවී ගිය චමරි ඇයගේ පන්දු තුනටම මුහුණ දුන්නත් එකඳු ලකුණක්වත් ලබා ගන්නට අපොහොසත් වුණා.ඒ නිසා චමරි මරුෆා පන්දු යැවීම අරඹන විට පන්දු 14 ට ලකුණු 15 ක් ලබා සිටියත් ඇය දැවී ගියේ පන්දු 17 ලකුණු 15 ක් ලැබූ ක්‍රීඩිකාවක් හැටියටයි.මුර්ෆා එම ඕවරය නිමා කරේ නිලකුණු කඩුලු සහිත ඕවරයක් හැටියට පීඩනය ශ්‍රී ලංකාව දෙසට හරවමින්.

චමරි ගේ කඩුල්ල ප්‍රතිවාදි කණ්ඪායමකට කෙතරම් වටින්නේ ද යන්න තීරණය වන්නේ එම දැවීම පෙරළා ශ්‍රී ලංකාවේ පීඩනයක් බවට පත්වන නිසයි.ඒ නිසාම බොහෝ කාලයක සිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලදී අඩුම තරමේ පියවර දෙකක්වත් පිතිකරණයේ දි චමරි පහතට පැමිණිය යුතු බව පෙන්වා දුන්නත්,තාර්කිකව එය සළකා බැලීම වෙනුවට ජයග්‍රහණ මත යැපෙන නිසා එය දීර්ඝ ලෙස පවත්වා ගෙන යන්නට අපහසු කණ්ඩායමක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා.
මුර්ෆා අක්තාර් තම දෙවන ඕවරය නිමා කළ පසු ඇයගේ පන්දු යැවීමේ දත්ත සටහන් වූයේ පන්දු ඕවර් 2,නිලකුණු 1,ලකුණු 2 කඩුලු 3 ක් හැටියටයි.ඇය තරගයේ හයවන පන්දු ඕවරයේදී විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනි පන්දු දෙකක් ඇතුළත ක්‍රීඩාගාරයට හරවා යැව්වා.එවිට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 25 ට කඩුලු 3 ක් බවට පත් වුණා.

ශ්‍රී ලංකාව පන්දු ඕවර් 5.2 ක් ගෙවා තඩුලු 3 ක් දැවි තිබියදී පිටියට පැමිණි නිලක්ෂි ද සිල්වා සිය පළපුරුද්ද සමඟ තරගයේ ඊ ළඟ පියවර ගැන කියවා ගෙන තිබුණා.හර්ෂිතා සමරවික්‍රමට ප්‍රහාරයට වැඩි අවස්ථාව දීම සහ කඩුලු අතර දුවමින් ලකුණු ලබා ගැනීමේ අවශ්‍යයතාවය දෙදෙනාම හොඳින් අවබෝධ කරගෙන තිබුණා.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අඩුවක්ව පවතින කෙටි ලකුණු,නිලක්සි සහ හර්ෂිතා ලබා ගැනීමට පියවර ගත් අතර ඇතැම් විටෙක දුවමින් ලබා ගත් ලකුණු 3 ක් ද ලකුණු පූවරුවට එකතු වුණා.ලකුණු නොලැබෙන පන්දු සීමිත කරපු හර්ෂිතා සහ නිලක්ෂි අතරින් පන්දුව දැකීමට පටන් ගැනීමත් සමඟ හර්ෂිතා ගේ ප්‍රවේශය බංගලාදේශයට ඔරොත්තු නොදෙන පීඩනයක් ඇති කළා.ඇය හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණයට පන්දු 50 ක් තුළ ලකුණු 69 ක් එකතු කර දෙන්නට සමත් වුණා.

දිගු පහරවල්වලට වඩා පන්දු නාස්තිය අවම කරමින් කෙටි ලකුණු වලින් පෝෂණය වූ නිලක්ෂි ද සිල්වාගේ ඉණිම පන්දු 38 දී නොදැවුණු ලකුණු 41 ක් වුණා.නිලක්ෂි සහ හර්ෂිතා මෙම තරගයේ දී පෙන් වූ පරිනතභාවය චමරි මත යැපෙමින් තිබෙන කණ්ඩායමට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා.නමුත් වඩා වැදගත් වන්නේ ඉදිරි තරග දෙකයි.එහිදි ශ්‍රී ලංකාවට හමුවන්නේ වත්මන් ලෝක සූරී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන ශ්‍රී ලංකාව සිටින කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායම් දෙකයි.
එහිදී චමරි ශ්‍රී ලංකා ඉණිම නිමා වන තුරු පිටියේ රැදීම වැදගත්.එසේම පන්දු යැවීම ද බෙදා හදා ගෙන කරමින් තව පිතිකරුවෙක් කණ්ඩායම ඇතුළට ගෙන ඒමත් වැදගත්.මේ කාරණා දෙක සඳහා දෙන අවධානය වැදගත් නොවිය හැක්කේ උපාය මාර්ගික නොවන, ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ පෞද්ගලික දක්ෂතාවය මත ජයග්‍රහණය තීරණය වුවහොත් පමණයි.නමුත් කණ්ඩායම් ක්‍රීඩාවක වැදගත් සමූහයේ හැම තැනම විසඳුම් ඇති පිරිසක් පෙළ ගැස්වීමට ගන්න උත්සාහයයි.

අප සඳහන් කරන කරුණු සඳහා ජයග්‍රාහි තරගයම පදනම් කර ගත හැකි අතර පහත සබඳතාවයෙන් පිවිස තරගය පන්දුවෙන් පන්දුවට නිරීක්ෂණය කර ඒ ගැන අදහසක් ගත හැකියි.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/bangladesh-women-vs-sri-lanka-women-5th-match-group-1-1338044/ball-by-ball-commentary

තරගයේ ලකුණු පූවරුවට
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/bangladesh-women-vs-sri-lanka-women-5th-match-group-1-1338044/full-scorecard
ඊ ළඟට ශ්‍රී ලංකාවට 16 වන දින ඕස්ට්‍රේලියාව හමුවීමට නියමිතයි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan