අනුරට පුළුවන් ද රටක් කරන්න? – සුජීව සේනසිංහ

සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ලෙස අනුර කුමාර දිසානායකට ඇත්තේ “දූෂණය“ කියන වචනය පමණක් බව සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක හා ප්‍රවර්ධන ලේකම් සුජීව සේනසිංහ මහතා පැවසීය.

තමන්ට රට හදන්න පුළුවන් බව කීවත් එදා අමාත්‍යාංශ ගණනාවක් අරන් වැව් දහසක් හදනවා යැයි කියූ ඔවුන් හදපු එක වැවක්වත් නැතැයි ද සේනසිංහ මහතා කීවේය.

ජන හමුවකට එක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ව්‍යාපාරිකයන් අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න අහනවා. ඒ සෑම ප්‍රශ්නයකටම ඔහුගේ පිළිතුර “දූෂණය“ යැයි කීම පමණයි, රස්සාවක්, ව්‍යාපාරයක් හෝ වෙනත් කිසිවක් ප්‍රායෝගිකව කරලා නැති අනුර කුමාර දිසානායක තමන්ට රට හදන්න පුළුවන් බව කියනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේදී නිකමටවත් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදිය යුතුයි.

ඉන්දියාවේ කඩේක ඉස්සරහා ඉන්නවා තේ ගහන මනුෂ්‍යයෙක්. ඔහු කතාවට හරි දක්ෂයා. තේ කඩේට මිනිස්සු එන්නෙ ඔහුගෙ කතා අහන්න. මැච් එකක් ගහද්දි සචින් තෙන්ඩුල්කාර්ට හරියට බැට් කරගන්න බැරිව අඩු ලකුණෙන් අවුට් වුණොත් මේ මනුස්සයා කියනවා මෙහෙම ගහන්න තිබ්බා. අරහෙම ගහන්න තිබ්බා. එහෙම ගැහුවා නම් අවුට් නොවී ලකුණු ගන්න තිබ්බා කියලා. මේවා අහන්න මිනිස්සු හරිම කැමැතියි. ඒ වගේම කවුරු හරි අහන ප්‍රශ්නයට උත්තර දෙන්න මොහු දක්ෂයි. නමුත් අවසානයේදී මොහු හදන තේ එක කිසිවෙකුටත් බොන්න බැහැ. ඒ වගේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය,” යැයිද සුජීව සේනසිංහ මහතා මෙහිදී පැවසීය

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...