*
Monday, May 6, 2024
spot_img

Latest Posts

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබුණු චෝදනාවලින් ඔහුව නිදහස් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනුකර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන, නීතිපති උපදෙස් ලැබෙන තුරු රඳවාගෙන සිටි වසන්ත මුදලිගේව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ විරෝධය නොතකා නීතිපති උපදෙස් ලැබෙන තුරු නොසිට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බවයි සිය පෙත්සමෙන් නීතිපතිවරයා මහාධිකරණයට කරුණු දක්වා ඇත්තේ.

ඒ අනුව එම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය බල රහිත කරන ලෙසත් නඩුව පෙර තිබූ තත්වයෙන්ම පවත්වාගෙන යාමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan