*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වැඩිම දවා ගැනීම් වාර්තාව ක්‍රීඩා ඇමති ට ?

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තමන් විසින් පත් කර නිලධාරීන් ඉවත් කිරිමෙන් හෝ ඉවතට යාමට ඉඩ සැළසීමෙන් ද,ක්‍රීඩා අමාත්‍යංශයට එන නිලධාරීන්ට ද නැවත හැරී යාමට පරිසරය සැකසීමෙන් ද වැඩිම පිරිසක් දවා ගැනිමේ වාර්තාව අත් කර ගනී ද යන්න පිළිබඳව ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල කතා බහක් ඇති වි ඇත.එසේ දැවීයාම් සඳහා පිටිය හරියටම සකසා දීමට අමාත්‍යවරයාගේ බිරිඳගේ ඥාතියෙක් සේ හඳුන්වා ක්‍රීඩාවට උපදෙස් දෙන්නට පැමිණ සිටින සුදත් චන්ද්‍රසේකරගෙන් ද හොඳ සහයක් ලැබෙන බව එම කතා බස් අතරේ නිතරම කියවෙන්නේය.පිටිය සැකසීමේ දක්ෂයෙක් වුව ද,ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා වන අර්ජුනට ඉඩ ලැබෙන්නේ ඉන් අනතුරුව බව ද එම කියවීම්වලදී නිතර කිය වෙයි.

අමාත්‍යවරයාගේ පත්කිරීම් අතර ඔහුට අයත් අමාත්‍යංශ සියල්ලගේම පාහේ මේ සිදුවීම දැකිය හැකිය.සුගතදාස අධිකාරියට ඔහු සභාපතිවරයා ලෙස ගෙනාවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට අනුග්‍රහය දක්වන ප්‍රධාන පෙළේ ආයතනයක ප්‍රදානියෙකි.නමුත් ඔහු තනතුර හැර ගියේ ක්‍රීඩාව කෙරෙහි තිබූ කැමත්තන්ද යම් පමණකට බිඳ ගෙනය.ජාතික තරුණ සේවා සභාව ද ක්‍රීඩාව සඳහා යොදා ගන්න සැළසුම් තිබෙනු දැකිය හැකි අතර නමුත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා එහි පත් කර සභාපති ඉවත ගොස් වෙන අයෙක් පැමිණ,නැවත පරණ කොනා කැඳවා සිටින අතර ඔහු ද ආරංචි මාර්ගවලට අනුව මේ මාසේ නැවත ඉවත් වෙනු ඇත.

අමාත්‍ය කාර්ය මණ්ඩලයට නම් කරන ලද නිලධාරීන් කිහිප දෙනෙක්ම මේ වන විට ඉවත්ව ගොස් ඇති අතර අවසානයට ඉවත්ව ගියේ මාධ්‍ය ලේකම්වරයා ය.අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය එසේ වුව ද,අමාත්‍යංශ කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් එසේ වන්නේ නැත.දැනට සිටින්නේ අමාත්‍යවරයා වැඩ භාර ගැනිමෙන් පසු තෙවන ලේකම්වරයාය.අතිරේක ලෙක්මවරු කිහිප දෙනෙක්ම පැමිණ අමාත්‍යවරයා හමුවන්නටවත් අවස්තාවක් නොලද ගිය අතර ඒ අතර ශ්‍රී ලංකාවේ පරිපාලන කේෂ්ත්‍රයේ ප්‍රබල නමක් දිනා සිටින තිලකා ජයසුන්දර වැනි නිලධාරිණියන් ද වූවා ය.

තවමත් ක්‍රීඩා අමාත්‍යංශය සමීපව කටයුතු කළ යුතු ආයතනයක් වන ජාතික ඔලිම්පික් කමිටුවට හෝ ගොඩ වැදි නැති අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් ජාතික ක්‍රීඩා විද්‍යායතනය,වෛද්‍ය ඒකකය,තහනම් උත්තේජන ආයතනය වැනි ආයතනවලට හෝ ගොස් නැත.අමාත්‍ය ධූරයට පැමිණීමෙන් පසු ලංකාවේ සිටි කාලය සහ විදේශගතව සිටි කාලය අතර ඇත්තේ සුළු දින ගණනක වෙනසක් පමණි.මේ නිසාම බොහෝ දේ කළමණාකරනය කිරීම සිඳුවන්නේ අමාත්‍යවරයාගේ උපදේශක යටතේ වන බව පැවසේ.ඔහු ක්‍රිකට් ආයතනය සමඟ වන සාකච්ඡාවලදී ද නිල වශයෙන්ම අමාත්‍යවරයා නියෝජනය කර අසුන් ගැනීමේ තත්ත්වයට පත් කර තිබෙන බව ද එම තොරතුරු අනාවරණය කරන්නේය.

මේ නොසැළකිල්ල නිසා සහ ක්‍රීඩකයෙක් ලෙස හෝ ක්‍රීඩා කළමණාකරුවෙක් ලෙස හෝ පළපුරුද්දක් අත්දැකීමක් නැති පුද්ගලයෙක්ගේ උපදෙස් සහ ඔහු විසින් කැඳවා දෙන පිරිසකගේ උපදෙස් අනුව ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය සමඟ ගැටීමක් ඇති වන පරිදි කරන ලද සංශෝධන නිසා සහ අමාත්‍යවරයා ගෙන ඇති යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ වන විටත් නඩු ගණනාවක හිමිකරුවෙක්ව සිටින ක්‍රීඩා අමාත්‍යවරයා මේ දිනවල සංගම් සම්මේලන ප්‍රධානින්ගෙන් තමන් කළ සංශෝධන යහපත් බවට ලිපි ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද වාර්තා වේ.

නමුත් අමාත්‍යවරයා සහ ඔහුට උපදෙස් දෙන අය ද තවම තේරුම් ගෙන නැත්තේ ජාත්‍යන්තර වශයෙන් රටවල් සියල්ලටම අදාළ වන කරුණු නොසළකා හැරීමේ චෝදනාව,එම කරුණු නිවැරදි කර ගැනීමෙන් මෙපිට මෙරට ක්‍රීඩා සංගමයක නිලධාරීන්ගේ ලිපිවලින් නිවැරදි නොවනු ඇති බවය.කෙසේ වුව තමන්ගේ ම පත්කිරිම් අතහැර යාම නැතිනම් ඉවත් කිරිම,තමන්ම පත් කළ ආයතනවලට ගොඩ වැදි ඒවායේ ප්‍රගතිය සොයා නොබැලීම,එවැනි උත්සව අවස්ථාවන් මඟ හැර සිටීම වැනි කරුණු ගණනාවක් නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය ධූරය සම්බන්ධයෙන් විශ්වාසය නො’රකින මට්ටමට බොහෝ අය අතර කතා බහට ලක්වෙමින් ඇති අතර තරුණ අමාත්‍යවරයෙක් සේ තව දුරටත් දේශපාලනයේ රැදී සිටිම ඔහුගේ අපේක්ෂාවනම් මේ සිඳු වි ඇති කරුණුවල තමන්ට වැරදුණ තැන සොයා නිවැරදි කර ගැනීමට කරුණු සෙවීම වැදගත්ය.එසේ නොවී තමන් අතින් වූ වැරදි නිවැරදි බවට මතයක් ගොඩ නඟා ගැනිම ඉදිරියේදී ජනතා කැමත්තේදි පලදායක නොවනු ඇත.
මේ සමඟ වන ඡායාරූපය ක්‍රිකට් ආයතනයේ ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් සමඟ යාපනයේ කළ සංචාරයකදි ගත් එකකි.එහිදි ද ඔහු ජනමාධ්‍යවලට මෙම ඡායාරූප යාම වැළක්වීමට විශේෂ සැළකිල්ලක් දක්වා ඇති අතර ඔහුට සමාජයට තමන් ක්‍රිකට් ආයතනය සමඟ සමීප නැති බව පෙන්විමේ අවශ්‍යයතාවයක් ද ඇති බැවින් එවැනි තිරණයක් ගෙන ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan