නේපාල බිලියනපති බිනෝද් චෞද්රි ශ්‍රී ලංකාවේ සංචාරයක

මේ වනවිට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති නේපාල බිලියනපතියෙකු වන Binod Chaudhary ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග හමුවකට ද එක්ව ඇත. එම හමුවේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර බෙදාහැරීම්, සිල්ලර, ආගන්තුක සත්කාර, මූල්‍ය සේවා සහ නිෂ්පාදන යනාදී ක්ෂේත්‍රයන් වෙත වැඩි වශයෙන් අවධානය යොමුව ඇතැයි පැවසේ.

Binod Chaudhary, ඩොලර් බිලියන 1.5ක වත්කම්වලට හිමිකම් කියන අතර ඔහු නේපාලයේ සිටින එකම ඩොලර් බිලියනපතියා වේ. Chaudhary Group හි සභාපතිවරයා වන ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලකයෙකු ද වේ. Forbes වාර්තාවලට අනුව Binod Chaudhary ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 1,851 වැනියා බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...