*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

අධික මිලකට රජය ගල් අඟුරු මිලදී ගන්නේ ඇයි? – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා වසන්නේ, ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් ඩොලර් 190 කට ගැනීමට පුළුවන්කම තිබිය දී ආණ්ඩුව ඩොලර් 240 බැගින් ගැනීමට සූදානම් වන බවයි.

මෙම මිල ගණන් යටතේ මෙට්‍රික් ටොන් 270,000ක් ලබා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ අනුව සිදුවන පාඩුව රුපියල් බිලියන 11.5ක් බවත් ධම්මික මහතා කියයි. එම පාඩුව මැතිවරණයට යන වියදම වන බිලියන 10 ටත් වඩා වැඩි යැයි ද, මෙම මිල ගණන් යටතේ වසරක් ගල්අඟුරු ගතහොත් රුපියල් බිලියන 26 ක් පාඩු වන බවද ඔහු කීවේය.

ලෝක වෙළෙඳ පොළේ සාමාන්‍යයෙන් ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් එකසිය හැටක් බවද කී ධම්මික මහතා නමුත් ලංකාවේ ටෙන්ඩර් හා මිල ගණන් කැඳවීමේ දී ඇති අවම මිල ඩොලර් 199 බව ද කීවේය.

ධම්මික මහතා මෙසේ ද සඳහන් කළේය.

“ගල්අඟුරු ටෙන්ඩරයට සමාගම් හතරක් ඉදිරිපත් වුණා. ඒත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ සමාගම් දෙකක මිල ගණන් පමණයි. මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 199 බැගින් දිය හැකි බව කියූ සමාගමේ නම කැබිනට් එකට ඉදිරිපත් නොකර ඩොලර් 230 ට සහ 240 ට සපයනවා කියූ සමාගම්වල නම් පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා. දැන් මේ සමාගම් දෙකට කැබිනට් අනුමැතිය දෙන්න හදනවා. මෙටි්‍රක් ටොන් එකක් 199ට ලබා ගැනීමේ හැකියාව තිබියදී මෙවැනි වැඩි මිල ගණන් යටතේ ගන්නේ ඇයි කියලයි අපි ප්‍රශ්න කරන්නෙ. ඩොලර් 199 බැගින් දෙන්න පුළුවන් කියන සමාගම ලංකා කෝල් සමාගමේ (ආණ්ඩුව වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගන්නා සමාගම) සභාපතිවරයාට ද මෙම මිල ගණන් යටතේ ගල්අඟුරු සැපයිය හැකි බව ලිඛිතව දන්වා තිබෙනවා.

නමුත් ගන්න හදන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 230 හා 240 බැගින්. මේ ගණන් යටතේ ගත්තාම අපිට අවුරුද්දකට රුපියල් බිලියන 26 ක් අහිමි වෙනවා. මේ සල්ලි කාගෙහරි සාක්කුවට එනවද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.

අඩු මිලට නොදී වැඩි මිලට ටෙන්ඩරය දෙන්න හදන්නේ ඇයි කියලා කංචන ඇමැතිවරයා රටට හෙළි කළ යුතුයි. මොකද මේ පාඩුවලට වන්දි ගෙවන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන් වන අපටයි. මේ ගන්න හදන මිල ගණන් විදුලිබල පනත අනුව සාධාරණයි කියලා කියන්න අපිට බෑ.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan