මන්දපෝෂණ දරුවන්ට සහනයක්

Date:

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අද රටේ දැනටමත් මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට අඩු දරුවන් 10,000කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන් කැපකරු මවුපියන් ලෙස ඉදිරිපත්ව සිටින බවයි.

තමා පෞද්ගලිකවමද මේ පිළිබඳ සොයා බලන අතර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තවත් 11,000කට කැපකරු මවුපියන් සොයා දීම සඳහා තමා විසින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ජෝන් කීල්ස් ආයතනය දරුවන් 3000කට
දායකත්වය දක්වන බව ද, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කැපකරු මවුපියන් ලෙස කටයුතු කිරීමට දිවයිනේ නමගිය සමාගම් ගණනාවක් ඉදිරිපත් ව ඇති බවයි.

මෙයට අමතරව ශැංග්‍රීලා ආයතනය දරුවන් 1000 කට අනුග්‍රහය දක්වන බවත්, මේ සඳහා ඉදිරිපත් වූ සියළුම සමාගම් සහ පුද්ගලයන්ට තමා ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා පැවසීය. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල්වලට මාසයකට 14,000/= මුදලක් මෙම වැඩපිළිවෙල යටතේ පිරිනැමෙන බවද අමාත්‍යවරයා පැවසූ අතර විදේශයන්හි සිටින ධනපතියන්ටද මේ වැඩපිළිවෙළ සඳහා දායකත්වය දැක්විය හැකි බව පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...