ජනපති ගත් තීරණය…

Date:

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර වර්තමානයේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය අවම කරමින් ඔවුන්ට කඩිනම් සහන සැලසීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි.

ඒ අනුව කැබිනට් මණ්ඩල තීරණය අනුව මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමටත්ය.

තවදුරටත් කැබිනට් මණ්ඩල තීරණය කර ඇත්තේ 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,00 දෙනෙකුගේ හිඟ විශ්‍රාමික පාරිතෝෂික අක්මුදල්වලින් කොටස් වශයෙන් ගෙවාගෙන යෑමටත් තීරණය කර ඇත.

මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය කර ඇති බවත්, අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...