*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මැතිවරණය කල්දාන්න ගෙනාපු 21 වෙනි කුමන්ත්‍රණය! (VIDEO)

එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා යොදා තිබෙන 21 වෙනි උපක්‍රමය පිළිබඳ අද (13) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අනාවරණය කළා.

එනම් ඉතා කඩිමුඩියේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම බව ගජනායක මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලෙසයි එය ආරම්භ කර ඇත්තේ.

නව සංවිධාන බිහිවීම හොඳ දෙයක් වුවද මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේම වර්තමාන පාලක පක්ෂ දෙක මඟින් බව ගජනායක මහතා සඳහන් කළා.

එහි අරමුණ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කරමින් ජන්දය කල්දැමීම බවද හෙතෙම කියා සිටියේය.

මෙය අවතාර සංවිධානයක් ලෙස නම් කළ යුතු බවද ඔහු පැවසුවා.

මැතිවරණ කොමිසම මඟින් පසුගියදා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කැඳවා තිබුණු අතර ඊට සංවිධාන 08ක් පමණ පැමිණි බවත් ඒවා සක්‍රීයව පවතින සංවිධාන බවත් පැවසූ මංජුල ගජනායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ සංවිධානය යන අවතාර සංවිධානය ඊට සහභාගී නොවුණ බවයි.

කෙසේවෙතත් එම පිරිස මේ වන විටත් මැතිවරණ ක්‍රියාවලියට ඉතා අශෝභන ආකාරයෙන් මැදිහත්වෙමින් සිටින අතර ප්‍රබල තැනකින් එය මෙහෙයවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan