මැතිවරණය කල්දාන්න ගෙනාපු 21 වෙනි කුමන්ත්‍රණය! (VIDEO)

එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා යොදා තිබෙන 21 වෙනි උපක්‍රමය පිළිබඳ අද (13) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අනාවරණය කළා.

එනම් ඉතා කඩිමුඩියේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම බව ගජනායක මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලෙසයි එය ආරම්භ කර ඇත්තේ.

නව සංවිධාන බිහිවීම හොඳ දෙයක් වුවද මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේම වර්තමාන පාලක පක්ෂ දෙක මඟින් බව ගජනායක මහතා සඳහන් කළා.

එහි අරමුණ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කරමින් ජන්දය කල්දැමීම බවද හෙතෙම කියා සිටියේය.

මෙය අවතාර සංවිධානයක් ලෙස නම් කළ යුතු බවද ඔහු පැවසුවා.

මැතිවරණ කොමිසම මඟින් පසුගියදා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කැඳවා තිබුණු අතර ඊට සංවිධාන 08ක් පමණ පැමිණි බවත් ඒවා සක්‍රීයව පවතින සංවිධාන බවත් පැවසූ මංජුල ගජනායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ සංවිධානය යන අවතාර සංවිධානය ඊට සහභාගී නොවුණ බවයි.

කෙසේවෙතත් එම පිරිස මේ වන විටත් මැතිවරණ ක්‍රියාවලියට ඉතා අශෝභන ආකාරයෙන් මැදිහත්වෙමින් සිටින අතර ප්‍රබල තැනකින් එය මෙහෙයවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...