ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් වහාම ගතයුතු පියවර දෙකක් හර්ෂ පැහැදිලි කරයි (VIDEO)

Date:

රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“වහාම කරන්න ඕනෙ අපට එක්කෝ මේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණය යම්කිසි විදියකට කල්දාගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් අපට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වෙන්න හැකියාවක් හදාගන්න ඕනෙ.

අපට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ දොරවල් වහලා, අගුළු දාලා, ඒගොල්ලෝ යතුර ගෙදර අරන් ගිහිල්ලා. ඒ කියන්නෙ අපට බැහැ බැංකුවකට යන්න. බැංකුවේ බෝඩ් එකක් ගහලා තියෙනවා අහවල් පුද්ගලයා, මෙන්න මේ අයිඩෙන්ටිටි එක තියෙන පුද්ගලයා ආවොත් ඇතුළට ගන්න එපා කියලා. ඒක තමයි වෙලා තියෙන්නෙ. ඒක තමයි කියන්නෙ ශ්‍රේණිගත කිරීමෙන් පහළ දාලා කියලා.

එතකොට අපි කොහොමද මේ බැංකුවේ දොර ඇරගන්නෙ ? මොකද කෙටි කාලීනව අපට වෙන කරන්න දෙයක් නැහැ නෙ … මේ ආණ්ඩුව විකුණන්න දාලා තියෙනවා නොයෙකුත් දේවල් සෙලෙන්දිවා එක හරහා. එක සුද්දෙක් එන්නෙ නැහැ කිසිදෙයක් ගන්න. විකුණනවා කොළඹ තියෙන හොඳම ඉඩම් ටික, ඒත් එකෙක් නැහැ එන්නෙ. ඇයි එන්නෙ නැත්තෙ ? ඒගොල්ලො දන්නවා මේ රුපියලේ අගය හෙට අනිද්දා වෙනකොට තවත් කඩාගෙන වැටෙනවා, අර රුපියල් 200 තියාගෙන ඉන්න බෑ ඩොලර් එකට, එතකොට ඩොලර් එකට ගන්න පුළුවන් දේ ශත 75ට ගන්න පුළුවන් නම් තව මාසයක් හරි දෙකක් හරි හිටියොත්, අද ගනීද ?”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...