වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්

Date:

ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (12) ආරම්භ විය. 2022 සහ 2023 තරගාවලි සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වේ.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරිපත් වූ අතර ඔහුගේ මූලික වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 02 ක් විය.

වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.

මෙම මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.4 කට ආසන්න මුදලකි. IPL වෙන්දේසියකදී ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නියම වූ ඉහළම මිලද මෙම මුදල වේ.

ලසිත් මාලිංගගෙන් පසුව ඉන්දියානු ප්‍රීමියර් ලීගය තුළ වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන වනිඳු හසරංග මේ වනවිට 20/20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටී.

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකු ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවන වටිනාකමකට අලෙවි විය.

ක්‍රීඩක වෙන්දේසිය අද දිනයේදීද පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...