Wednesday, May 31, 2023
spot_img

Latest Posts

කෙවරලපිටියේ බිඳවැටීමක්. තවත් බලාගාරයක් ඉන්ධන නැතිව නවතී !

කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිට අක්‍රිය වී තිබෙන අතර එය මේ වනතෙක් ජාතික පද්ධතියට නැවතත් එකතු කිරීමට නොහැකි වී තිබේ.

කැළණිතිස්ස සෝජිට්ස් බලාගාරයේ ද ඊයේ රාත්‍රියේ හදිසි බිඳවැටීමක් ඇතිවූ අතර මේ වනවිට එය අලුත්වැඩියා කර නැවතත් පද්ධතියට එකතු කර ඇති බව සඳහන්.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට නවතා දමා ඇති බවත් වාර්තා විය.

තාප බලාගාරවලින් විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් සහ නැප්තා ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇති බවයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.