ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?

Date:

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යංශය තුළ හෝ ආණ්ඩුව තුළ හෝ මේ වනවිට කිසිදු සාකච්ඡාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මිල ඉහළ දැමීමේ සූදානමක් තිබෙන්නේදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කිරීමෙන් පසු එම සමාගමේ ඉන්ධන පාරිභෝගිකයන්ද ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන හල් වෙත පැමිණෙන බවයි. මේ නිසා සංස්ථාව ලබන පාඩුව තවදුරටත් ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා පවසා තිබිණි.

ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව සාකච්ඡාවක්වත් නැතැයි ඇමතිවරයා ප්‍රකාශ කළද මේ වනවිටත් ඛනිජ තෙල් සංස්ථාව, මුදල් අමාත්‍යංශයේ මිල ඉහළ දැමීමක් ඉල්ලා තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ අදාල ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යංශයෙන් අවසර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට නම් IOC සමාගමේ මිල ගණන්ද ඉක්මවා යන ආකාරයේ මිල ඉහළ යාමක් සිදුකළ යුතු බවයි මුදල් අමාත්‍යංශයට යෝජනා කර තිබෙන්නේ.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්‍රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...