වනිඳු හසරංගගේ IPL කොන්ත්‍රාත්තුවෙන් 25% ක් ආණ්ඩුව ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ – නලින් බණ්ඩාර

අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මේ වනවිට රටටම පැහැදිලි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. රටේ ජනතාවගෙන් ලක්ෂ 70 කට 80 කට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන අර්ථසාධක අරමුදලෙන්ද 25% ක් පැහැර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලකට IPL කොන්ත්‍රාත්තුව හිමි වූ වනිඳු හසරංගගෙන්ද 25% ක මුදලක් අයකර ගතහොත් කිසිවෙකුත් පුදුම නොවිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දැඩි සිමෙන්ති හිගයක් පවතින වකවානුවක වැඩ ලක්ෂයක් සිදු කරන්නේ කෙසේද යන්න ගැටලුවක් බවයි. ආණ්ඩුවේ සිටින ඇතැම් පුද්ගලයන් වෙන වෙන ගේම්වලට කප් ගැසූ පුද්ගලයන් බැවින් එවැනි කටයුතු සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේද යන සැකය මතුවන බව නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...