අද (13) පස්වරුවේ සිට හෙට උදෑසන දක්වා කාලය තුළ ඇති වියහැකි තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
RN