චාමිකට හා තීක්ෂණටත් IPL දොරටු ඇරෙයි !

Date:

ශ්‍රී ලංකා එක්දින හා 20/20 කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද IPL වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් හිමිව තිබෙනවා. ඔහු මිලදී ගෙන තිබෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

මීට අමතරව දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉන්දියානු රුපියල් ලක්ෂ 70 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි විය.

මෙවර ක්‍රීඩකයන් සිව් දෙනෙකු IPL කණ්ඩායම් සඳහා තෝරාගෙන තිබෙනවා.

වසර කිහිපයක සිට දැඩි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් නොවීය. මේ නිසා පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට IPL තරගාවලිය සඳහා අවස්ථාව හිමි නොවීය.

කෙසේ නමුත් මේ වනවිට තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ක්‍රමයෙන් නැගී සිටින අතර මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට නැවතත් ඉන්දියානු ප්‍රීමියර් ලීගය සඳහා සහභාගිවීමට අවස්ථාව හිමිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...