සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී මිය ගිය සැරයන්වරයාට උසස් වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන්වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

තවද, එම සැරයන්වරයාගේ පවුලට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක්ද ලබා දීමට පියවර ගෙන ඇත.

මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් ප්‍රියන්ත මහතා පූගොඩ පදිංචිකරුවෙකි. මියයන විට 51 වැනි වියේ පසුවූ දෙදරු පියෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...