Alexander Stubb ෆින්ලන්තයේ නව ජනපති ලෙස පත් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ෆින්ලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැතිවරයකු වු ඇලෙක්සැන්ඩර් ස්ටබ් එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆින්ලන්ත ජනාධිපතිවරණයෙන් 51.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඇලෙක්සැන්ඩර් සමත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක හරිත පක්ෂයේ හිටපු විදේශ ඇමැති පෙකා හාවාස්ටෝ ලැබූ ඡන්ද ප්‍රතිශතය 48.4% ක් බව ද වාර්තා වේ.

ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලැබීමෙන් පසු එරට පැවැති පළමු ජනාධීපතිවරණය මෙය වන අතර, 55 හැවිරිදි ඇලෙක්සැන්ඩර් රුසියානු දේශසීමා අර්බුදයේදී දැඩි ස්ථාවරයක සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...