ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍ර ලාභී බැංකු සමඟ සහයෝගයෙන් වික්‍රමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කර ඇති බවත් පැවසේ. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගනු ලබන ණය මුදල ණය ලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ග වලින් ප්‍රේෂණය කරනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිමකර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ද ගෙවීමට හැකියාව ලැබෙනු ඇත,

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...