හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයේ ගින්නක්. කර්මාන්ත ශාලාවක් විනාශයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හොරණ, බොරලුගොඩ කර්මාන්ත පුරයෙහි ඊයේ (පෙබරවාරි 13) පස්වරුවේ හටගත් ගින්න රාත්‍රිය වෙනතුරුත් දැල්වෙමින් පැවතිණි.

මෙම ගින්න හටගෙන තිබුණේ කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ය.

ගින්න නිවීම සඳහා ගිනිනිවන කණ්ඩායම් 10ක් යොදවා තිබුණු අතර කළුතර, කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් ද ගිනිනිවන රථ බොරලුගොඩ කර්මාන්ත පුරයට කැඳවා තිබිණි.

ඊට අමතරව යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය ඇතුළුව ප්‍රදේශවාසී ජනතාව ද ගිනිනිවීමේ කටයුතු සඳහා එක්ව සිටියහ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොතිබුණු අතර ගිනිනිවීම සඳහා පැමිණි එක් ගිනිනිවන භටයකු අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...