නාමල් : අපවාදයේ කුමාරයා ….

Date:

අම්ම කෙනෙක් හැම වෙලාවකම පුතාට කියන්නේ ”පුතේ මම කිසි දෙයක් – කිසි කරදරයක් – ඔයාට වෙන්න දෙන්නේ නැහැ” කියල. ඒ ආරක්ෂාකාරී හැඟීම දරුවකුට වැදගත්. නමුත් පුතෙක් යටිහිතින් ප්‍රාර්ථනාකරනවා ”අනේ මොනවා හරි දෙයක් මගේ ජීවිතේට උනානම් කොච්චර හොඳද ?” කියල. ඉතින් ආරක්ෂාකාරී මවක් වගේ නෙවෙයි පියෙක්. පියා කරන දේවල් වලින් දරුවෙක්ට ගොඩක් දේවල් වෙන්න පුළුවන්. හොඳ වගේම නරක යන දෙකම.

ඒ හොඳ සහ නරක ඇතුලේ තමයි දරුවක් – විශේෂයෙන් පිරිමි දරුවෙක් – එයාගේ විශ්වය නිර්මාණයකර ගන්නේ. ජෝඩන් පීටර්සන් කියනවා සමහර පියාගේ ක්‍රියා ඇතුලේ දරුවෙක් ‘වැනසෙන්න’ පුළුවන් කියල.

මහින්ද රාජපක්ෂ කියන පියාගේ දේශපාලනය කියන්නෙත් මේ හොඳ සහ නරක දෙකම අයිති එකක්. මේ හොඳ සහ නරක දෙකම නිසා ඒ පවුල සහ ඔහු එක්ක දේශපාලනය කරපු අය වැනසුනා කියලත් කියන්න පුළුවන්.

එක්තරා මොහොතක අරගලය එක්ක පොහොට්ටුවේ සියල්ල වැනසුනා කියල කියන්න පුළුවන්. ගොඩක් දේවල් අඟුරු සහ අළු බවට පත්උණා. ඒකට පොහොට්ටුවේ අයටත් වගකීමක් තියනවා.

නාමල් මතුවෙන්නේ ඒ විනාශ වෙච්ච අඟුරු වලින්. ඔහුට ඔහුගේ විශ්වය නිර්මාණය කරන්නේ වෙන්නේ ඒ විදියට.

ඔහුට ඉන්නේ සංකේත තලයක ගත්තම තමාට ඉක්මවන්න බැරි තරම් හොඳ නරක දෙකම දරාසිටින පියෙක්. මහින්ද යුද්දය ඉවර කරනවා. හැබැයි ආර්ථික යුද්දය ඔහුට ඉවර කරන්න බැරිවෙනවා. ඒ නිසාම ඒ සියලු දේශපාලනය අර්බුදයට යනවා.

නාමල්ට සිදුවෙනවා ඒ නො-අවසන් බරට කර තියන්න. සියල්ල නැවත පටන්ගන්න. නැවත නිර්මාණය වෙන්න. සියලු අපවාද වලට මුහුණ දෙන්න.

අනික් කිසිම කෙනෙකුට වඩා නාමල්ට පටන්ගන්න වෙන්නේ ‘අපවාදයේ කුමාරයා’ හැටියට. ඒ විදියට පටන්ගන්න ගමන ඔහු අවසන්කරන විදිය ලංකාවට වැදගත් වෙයි.

සමහර විට වෙන කිසිම කෙනෙක් අවසන් නොකරපු විදියට ඔහුට අවසන් කරන්නත් පුළුවන් වෙයි. ඒ අපවාදයෙන් එන පන්නරය එක්ක.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...