*
Friday, March 21, 2025
spot_img

Latest Posts

වරදක් නෙමෙයි, කරානම් හොඳ වැඩ මිස්වෙන හැටි…


සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(LNW)කොළඹ :

ලංකාවේ දේශපාලනයේ මේ දක්වා පැමිණි ගමන් මඟ තුළ වෙනස්කම් අපේක්ෂා කරමින් සිටින සියල්ල,පාක්ෂිකයන් වශයෙන්නම් එතරම් වෙනස් වූ බවක් නොපෙන්වයි.සමහර අය ආණ්ඩුව පත් කර ගන්නට ඡන්දය දුන් අයට මිස මේ රට ගැන අනිත් පුරවැසියන්ට සිතෙන දේ කියන්න යෝජනා කරන්න අයිතියක් නැති බව පෙන්වා දෙයි.මෙතුවක් කල් පැවති දේශපාලනයේදී ද තිබුණේ ඡන්දය දුන්න අයට අයිති ආණ්ඩුවකි.එය වැරදියි කියා ආණ්ඩුවේ නැති විට හැඟුණ ද ආණ්ඩු බලය නැති විට නොසිතෙන්නේය.මේ ගමන යන්නේ ද ඒ චක්‍රයේය.


අප මීට දිනකට පෙර ක්‍රීඩාව ගැන පෙන්නා දුන්නේ මේ රජය මඟින් තවමත් පැරා ඔලිම්පික් රිදී පදක්කම්ලාභියාට කිසිඳු ඇගයීමක් කර නොමැති බවය.චක්‍රලේඛයක් මඟින් මේ බව සනාත කර ඇතත්,වටින් ගොඩින් එන කරුණු අනුව පැරා ක්‍රීඩකයින්ට එය අදාළ නැති බවක් ද කියැවෙන බව මාධ්‍යයට කියා තිබුණේ පැරා ඔලිම්පික් සභාපතිමය.එසේනම් එය නිවැරදි කර පැරා ක්‍රීඩකයින්ට ද එම චක්‍රලේඛයම අදාළ කිරීම මේ ආණ්ඩුවේ ක්‍රීඩා බලධාරීන්ට අදාළ කාරණයක් වන්නේය.


අප සමිත දුලාන්නම් දක්ෂයා ගැන එම සටහන තැබු‍වේ ඔහු නැවතත් ඩුබායි හී දී,පැරා ජාත්‍යන්තර ග්‍රොන්ප්‍රී තරගාවලයක හෙල්ල වීසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමද පාදක කරගෙනය.මේ සියල්ල හරහා ඇගයෙන්නේ රටනම් එය එම කාලවකවානුවේ රටේ නායකයාට ද අභිමානය කැඳවන කරුණක් වන්නේය.
ඩුබායි හී දී අනුර කුමාර දිසානායක සිය කමිස බොත්තම වැරදියට දමාගෙන උත්සවයකට පැමිණ,ඒවා ලහි ලහියේ ලිහා නිවැරදි කරගනු දුටුවේය.අනුර කියන සාමාන්‍ය මනුස්සයාට එසේ වීම අවුලක් නැත.රටේ නායක අනුරට එසේ යන්නට ඉඩ දීම ඔහු වටා සංචාරයට එක්ව සිටින සියලු දෙනා අතින්ම වූ වරදකි.තවත් සරල කළහොත් අත් වැරදීමකි.එම දේ එම ස්ථානයට සුදුසුනම් ජනාධිපතිවරයා බොත්තම් ඇවිදින අතරතුර නිවැරදි කරන්නට යන්නේ ද නැත.එය වහා නිවැරදි විය යුතු දෙයක් බව දැණුන නිසා දුටු වහාම එය පිළියෙල කර ගැනීමට ඔහු කටයුතු කළේය.
එහෙත් සමාජ මාධ්‍යවල ආදියේ එම පුවත පළවෙද්දි ඒවා සරලකම යැයි,ඉස්සර අයට තිබුණේ ඇඳුම විතරක් යැයි අනුර කුමාර දිසානායකට රාජ්‍ය තාන්ත්‍රිකව පෙනි සිටීමේදී තිබිය යුතු පෙණුම ආදී කරුණු කිසිවක් සැළකිල්ලට නොගෙන ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේය.මේ සමූහය කළ යුතු දේ ට වඩා කරන දේ හරියට කරන්නේ ද යන්න පිළිබඳව සැළකිල්ලෙන් බලනවාට වඩා ඒ කාරණා දෙකේම අඬුවෙන් සිඳුවන වැරදි නිවැරදි කරන්නට ගලේ පැහැරූ බලල්ලුන් මෙන් හැසිරීම පෙර පාඩම්ම සිහියට නංවන්නේය.


සමිත දුලාන්ව නොසළකා හැරීම මෙන්ම ආණ්ඩුව ක්‍රීඩා විෂයෙහි හිටපු නිලධාරීන්ම දෙන ලණු,ලණු බව නොදැන ගිලිමින් සිටින බවක් පෙනෙන්නට ඇත.එවැනි ව්‍යහුයක සමිත දුලාන් සහභාගි වූ පැරා තරගාවලිය ඩුබායි හී දී ක්‍රියාත්මක වෙමින් තිබිණ.ඊට සහභාගිවන්නන් සිටින පිට්ටනියට නොව ශ්‍රී ලාංකිකයන් සිටින තැනකට ගොස් විනාඩි කිහිපයක් ඔවුන් හමුවෙන්නට ජනාධිපතිවරයාට කරුණු කියන්නට කිසිවෙකු සිට නැත.


ඩුබායි වැනි රටක් ක්‍රීඩාව උපයෝගි කරගෙන ඉපැයීමට දක්ෂ සහ ඊට වෙහෙසෙන රටක්ය.එසේම ක්‍රීඩාව ප්‍රවර්ධනයට දැවන්ත මුදලක් වැය කරන රටක්ය.ඒ නිසා ජනාධිපතිවරයා සිය සංචාරයේ හදිසි වැඩ සැළසුම අතර විනාඩි පහකට එම ක්‍රීඩකයින් ළඟට රැඟෙන යන්න වැඩ සැළසුමක් සකස් නොවුණේ මන්ද?


ජනාධිපතිතුමාට නොව ක්‍රීඩා ඇමතිටවත් ඒ ගැන දැණුම් දෙන්නට සිහිපත් කරන්නට,ජනාධිපතිතුමා ඉන්න ඩුබායිම අපේ ක්‍රීඩකයෝ ඉන්ටර්නැෂනල් මීටි එකකට සහභාගිවෙලා ඉන්නවා කියන්න නිලධාරියෙක් නැත.සමහර විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ක්‍රිඩා උපදේශක සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායකට මේ සංචාරයේදී ක්‍රීඩාව ගැන කරන්න කරුණු කීමේ වැදගත්කමක් සිතට නැඟුණානම් ඔවුන් ක්‍රීඩකයින් ගැන නොකියා ආසියානු රගර් සභාපති හමු වී, “අපි ඔයා කියන විදිහට ඉන්නවා“ කියා හිස නමා ජනාධිපතිවරයාට ආසියානු සභාපතිට ආචාර කරන එන්න යැයි උපදෙසක් ලබා දෙන්නටත් ඉඩ තිබිණ.


එවැනි හමුවක් වූයේනම් ජනාධිපතිවරයාට රජයේ මුදල් නැතුව ආර්ථික වශයෙන් විශාල සහයක් එම ක්‍රීඩකයන්ට ජනාධිපතිවරයා හමු වූ ශ්‍රී ලාංකේය ප්‍රජාව හරහා ද ලබා දෙන්නට තිබිණ.එය එතරම් අපහසු නැති බව අප ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සංචාරවලදී විදෙස්ගත ලාංකිකයන්ගෙන් එවැනි උපතාර රැඟෙන දී ඇති නිසා දන්නෙමු.!


සියල්ල ගැන නො‘විමසා කරන සැළසුම් හේතුවෙන් ජනාධිපතිවරයාට මේ ඩුබායි උළෙලේ දී රන් පදක්කම් තුනක් සහ රිදී පදන්නම් තුනක් ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවන්නට නොහැකි වීම ගැන දේශපාලනිකව රටටත් – ජනපතිටත් කීර්තිය දිනා ගැනීමට තිබුණු ඉඩ ඇහිරීමත්,සමහර විට ඔහුගේ කතාවෙන් පසුව එන ගැම්ම නිසා රිදී රන් වීමට තිබුණු ඉඩත් අහිමි වූ බවත් නොහැඟේද? එයින් වරද්දා දමා ගත් බොත්තම රන් රිදී පදක්කම්වලින්ම වසා ගන්නට ද තිබිණ.


ඒ නිසා ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයටත්,රටේ ක්‍රීඩාවටත් විශාල කීර්තියක් අවධානයක් සහ ජයග්‍රහණ දිනා ගැනීමට තිබුණු ඉඩක්,ජනපති ඩුබායි සිටිද්දීම මේ රට රනින් රිදියෙන් පුරවන පිරිසක් මුණ ගස්වන්නට නොහැකි වීමෙන් අහිමි විය.
මේ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හරහා විවිධ ආකාරයෙන් ආණ්ඩු හිතෛශීන්ගේ දායකත්වයෙන් දෝෂාරෝපනයට ලක් වන්නට ඉඩ ඇත.ඊට කම් නැත.ජනාධිපති රටටම අයිති නිසා මින් ඉදිරියටවත් ජනාධිපතිවරයා විදේශ සංචාරයක් යන අවස්ථාවල එරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ මොහොතේ සිඳුවන හෝ සිඳුවිය හැකි ක්‍රීඩා ඉසව් වැනි දේ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන්න.

තරගාවලියේ ජයග්‍රාහී පදක්කම්ලාභීන්

F44 ඛාණ්ඩයේ පිරිමි කවපෙත්ත සහ යගුලිය රන් පදක්කම් පාලිත බණ්ඩාර

F64 ඛාණ්ඩයේ පිරිමි හෙල්ලය විසිකිරීම රන් පදක්කම සමිත දුලාන්

T 44 ඛාණ්ඩයේ පිරිමි දුර පැනීම සහ මීටර් 100 රිදී පදක්කම් නුවන් ඉන්දික

T46 ඛාණ්ඩයේ පිරිමි මීටර් 1,500 රිදි පදක්කම ප්‍රදීප් සෝමසිරි .

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan