*
Saturday, February 15, 2025
spot_img

Latest Posts

ලාංකේය රගර් කඩතොළු කළ පළමු වෙඩිල්ල…..

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(LNW)කොළඹ :

මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව අර්බූදයට ලක් කරමින්,එය ආසියානු සභාපතිගේ මෙන්ම ඔහුගේ ආනුභාවයෙන් මෙරටදී වගකිව යුතු වැරදිවලට තවමත් පියවරක් නොගැනීමෙන් ආසියානු වගකීම් දැරීමේ අවස්ථාව උදා වූ පිරිස සහ දේශපාලකයන් සහ පරිපාලන නිලධාරීන් එක්ව ගෙන යන ව්‍යාපෘතියේ පළමු වෙඩිල්ල පත්තු වූ තැන ගැන සාක්ෂි සපයන ලිපියය.එය ලියා ඇත්තේ එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ අමල් එදිරිසූරිය විසිනි.


ඔහු ඉතාමත් වගකීමෙන් තමාගේ ස්පර්ශය එහි නොමැති බව දැනෙන්නට හරිමින් මේ පත්වීම සිඳුවන්නේ ආසියානු සභාපති දැනුවත් කර ඔහුගේ අනුමැතියෙන් බව පවසා ඇත.ඒ වන විටත් නිල වශයෙන් ව්‍යවස්ථානුකූලව පත් වූ පරිපාලනයක් ශ්‍රි ලංකා රගර්වලට තිබුණු අතර ඒ නිසාම එම ලිපිය යොමු කර ඇත්තේ එසේ පත් වි තිබුණු පරිපාලනයේ සභාපතිවරයාට ය.වැරදි විදිහට ව්‍යවස්ථානුකූලව පත්වන නිලධාරීන්ට බාධා කිරීම දේශිය ක්‍රීඩා පරිපාලනයේ ඉහළ සහ ආසියානු රගර් පරිපාලනයේ මැදිහත්වීම මත ඇරඹෙන බවට ඇති මූලික සාක්ෂිය මෙය වන්නේය.


මෙම පත්කිරීමෙන් අප දිගින් දිගටම පවසන කරුණු සනාත වන්නේය.අමාත්‍යවරයාම පැවසූ පරිදි මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමෙන් ශ්‍රී ලංකාවට හානියක් වි ඇත්නම් එහි සාමාජිකයෙකු මෙහි ඇත.එසේම පවුම් 50000 ක දඩය ගැසුවේ කවුරුන් සභාපතිව සිටියදී ද යන්නත් අප නැවත නැවත කිව යුතු නැත.එම පවුම් 50000 දඩයට හේතු වූ විදේශිකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරවා එහි ගෞරවය දිනා දෙන්නට උත්සාහ කළ ශ්‍රී ලංකා රගර් නායකයා සහ කණ්ඩායම් සාමාජිකයන් කවරේද යන්න ද ක්‍රීඩා අමාත්‍යවරයාට තව දුරටත් සොයා බැලිය හැකිනම් මේ අශුද්ධ සංධානය ගැන අවබෝධ කරගන්නට අපහසු නැත.


ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේදී ලංකාවේ ක්‍රීඩා පණත නොව වැරදි චෝදනා ඇති අයෙකුට නීතිපතිවරයා විසින් වගකීමක් දැරීමේ අවධානම පෙන්නා දුන් ලිපිය ද අඩංගු වූ බව අපි දනිමු.එහෙත් රාජපක්ෂලාගේ වැරදි ගමණට සෙවණ දුන් මේ හඳුනාගත් පිරිස් වෙනුවෙන් වරදට දඬුවම නොදෙන්නේ හෝ ඒ ගැන ක්‍රියාත්මකවිම ආරම්භ කරන්නේ නැත්තේ ඇයි ද යන්න ද පැහැදිළි නැත.ඒ නිසා නාමල් රාජපක්ෂ මෙරට රගර් ක්‍රීඩාවට වැරදි කිරීම,සංවර්ධන අරමුදල් වසර ගණනකින් නොලැබෙන තත්ත්වයට පත් කිරීම සහ පරිපාලනය ණය කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ඇති තමන්ගේ කීර්තිය වෙනුවෙන් රටේ ක්‍රීඩාවේ වැදගත්කම සහ අභිමානය නොසළකා කටයුතු කරන ලද පුද්ගලයාව නැවත ඉහළින්ම ශ්‍රී ලංකා රගර්වලට බලපෑමක් කළ හැකි මට්ටමට ගෙන ඒමට දැරුව උත්සාහය මේ මොහොතේත් ආසියානු සභාපති සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආශිර්වාදය ඇතුව කෙරෙමින් තිබෙන බව පැහැදිළිය.


ඉහත කරුණු අනුව ව්‍යවස්ථා සංශෝධනයකින් ඒ ක්‍රීඩා සමාජයකට බලය ගෙන එහි සාමාජිකයෙකු ලෙස පැමිණෙනු විනා අසංග සෙනවිරත්නට පළාත් සංගමයක ඇති බහුතර ක්‍රීඩා සමාජ එකඟ කරවාගෙන බලයට ඒමට නොහැකිය.ඒ කුඩා ක්‍රීඩා සමාජ සමහර විට කොළකෑලි සාමාජිකත්වයෙන් උඩට නොආවේ සංවර්ධන අරමුදල් දඩ ලෙස ගෙවීම නිසා බැවින් මේ තත්ත්වය උද්ගතව ඇත.මේ උත්සාහ කරමින් තිබෙන්නේ නාමල් ඔළුවෙන් අන්දන්නට හදපු කළිසම නිලධාරි විසින් එකතු වී සුනිල් කුමාර ගමගේ හරහා කකුල් දෙකෙන් අන්දන්නටය.වැහෙන්නේ එකම අජූව හෙළුවක්ය.ඇඳුමෙන් පසු ඒ අජූව දේහයට අන්දපු කළිසම දිහා බලාගෙ මහත්තයා මිස්ට යනුවෙන් කියන්නට කරන ආරාධනාවක් වැනි මේ ව්‍යවස්ථා සංශෝධනයට ආසියානු උවමනාවක් ලෙස පෙන්නමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අල්ලන පද කස්තිරම් සියල්ලටම පිටුපස භේරී වාදනය සපයන්නේ කවුද යන්නද සොයා බැලිය යුතුය.


මේ ගැන මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ද ඉන්නේ ආසියානු සභාපති කී විට කළ යුතුම බව කියමින්ය.රටේ අධිකරණය දෙන නියමය මෙන්ම මේ ව්‍යවස්ථාව පවත්වා ගැනීමේ වගකීම සහ එය ව්‍යහුයමය වශයෙන් රටේ පළාත් මට්ටමේ රගර් පවත්වාගෙන යන්නට දෙන දායකත්වය පිළිබඳව රජයට ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් ආසියානු සම්මේලනයට මෙන්ම ජාත්‍යන්තර සම්මේලනයට ද ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනවලටද ලියා දැක්විය හැකිය.එහි පළමු පියවර ලෙස ඉතාම පහසුවෙන් හඳුුනාගත හැකි වරදකරුවන්ට ශ්‍රී ලංකා රගර් සහ ක්‍රීඩා කේෂ්ත්‍රෙය් තනතුරු දැරීම වසර ගණනකට හෝ අහිමි කරමින් තීරණයක් ගන්නේනම් ආසියා මට්ටමෙන් හෝ ජගත් මට්ටමෙන් ඔවුන්ට තනතුරු දැරීමට සහ වගකීම් දැරීමට ඇති අයිතියද අහිමි වන්නේය.


ඒ නිසා වඩා වැදගත් කරුණ නිලධාරින්ගේ කණවැල ආධාර කර නොගෙන මුල සිට මේ රගර් ප්‍රශ්නය මනැසින් නැණසින් අධ්‍යයනය කිරීමය.ඇමති කෙනෙක්ට වඩා මාධ්‍යකාරයෙක් කොහේ දැන ගන්නද හෝ එසේ භාහිරෙන් පෙන්වා දෙන කරුණු මත පිහිටා කටයුතු කිරීමෙන් ආත්ම ගෞරවයට හානි වන බව සිතීමෙන් ක්‍රීඩාවට වන සෙතක් නොමැත.ක්‍රීඩාවට වන සෙත සහ ලැබෙන ආලෝකය සුනිල් කුමාර ගමගේ ගේ ක්‍රීඩා අමාත්‍ය සේවය ද පුරවැසි වගකීම ද වඩාත් පලදායක තැනෙක තැබෙනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan