බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :

අද (14) දින බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 231ක් සඳහා සුහුරු පුවරු (smart board) 231ක් සංකේතාත්මකව බෙදා දීම හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේ දි සිදු කරන ලද බව රජයේ නිළ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව, අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනයක් උදෙසා 2025 වසර අවසන් වන විට සෑම ද්විතීයික පාසලකටම අවම වශයෙන් එක් ඩිජිටල් පුවරුවක් සහ එක් ක්‍රියාකාරී පරිගණකයක් බැගින් ලබා දීමට රජය තීරණය කළ අතර, ඒ සඳහා පළාත් 09 වෙත රුපියල් මිලියන 1640.75 ක් වෙන් කරන ලද අතර, මේ වන විට සියලුම පළාත් විසින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කර ඇති බව පවසයි.

​ඒ අනුව සුහුරු පුවරු (Smart boards) – 2584 ක් මිලදි ගෙන ඇති අතර ඒ අතුරින් මිලියන 152 ක වටිනාකමින් යුතු Smart Board 363ක් ඌව පළාත වෙනුවෙන් වෙන් කර ඇති බවද සඳහන් වේ.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණඩුකාර කපිල ජයසේකර මහතා,  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා,  හාලිඇල ප්‍රාදේශිය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්තුමන්, ඌව පලාත් අධ්‍යාපන ලේකම්තුමන් ඇතුලු අධ්‍යාපන කේෂ්ත්‍රයේ නිළදාරී මහත්ම මහත්මීන් සහ විදුහල්පතිවරුන් සහභාගී වූ බව වැඩිදුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...