තලංගම, අකුරේගොඩ දී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW :

ඊයේ (13) තලංගම, අකුරේගොඩ දී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා නිවේදනයක් නිකුත් කරයි.

අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශන වලට අනුව අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

තවදුරටත් පොලීසිය පවසනන්නේ, මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බවයි.

ඒ අනුව ඊයේ (13) දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම්, නොපමාව ඒ බව පහත දුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ, බස්නාහිර පළාත, දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ 071- 859 80 08 දුරකතන අංකයටත්, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ 071 -859 22 79 දුරකතන අංකයටත් ඒ පිළිබ තොරතුරු දැනුම් දිය හැකි අතර, අදාළ තොරතුරුවල පූර්ණ රහසිගතභාවය සුරකින බවයි.

මේ වනවිට , අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රථගාලක මෝටර් රථයක් තුළ සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා යෑම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...