උපද්‍රවයකින් තොරව ඡන්දයට මුදල් දීමේ හැකියාවක් නැති බව රාජ්‍ය ඇමති කිව්වා – බන්දුල

Date:

දැනට තිබෙන මුදල් ප්‍රවාහය අනුව උපද්‍රවයකින් තොරව මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකි තත්වයක් නොමැති යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“දැනට තියෙන තත්වය අනුව එක් එක් ආයතනවල ආයතන රාශියකට ගෙවීම් තියෙනවා. මම සියඹලාපිටිය රාජ්‍ය ඇමතිතුමාගෙ අහලා බැලුවා එසේ උපද්‍රවයක් නැතිවෙන ආකාරයකට මුදල් ලබාදෙන්න පුළුවන්ද කියලා. එතුමා නම් සඳහන් කළේ එතුමාට තේරෙන ආකාරයට මුදල් ප්‍රවාහය තුළ එවැනි තත්වයක් නැති බව. ඉතින් ඒ පිළිබඳව එතුමන්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙන බවත් කිව්වා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...