”එයාර්පැරිෆ් ” වෙතින් යුරෝ 300,000ක් .

Date:

ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනය විසින් කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපායමාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.

ඒ අනුව,මුළු ව්‍යාපෘති පිරිවැය වශයෙන් යුරෝ 300,000ක් සපයනු ලබන්නේ ව්‍යාපෘතියේ තාක්ෂණික හවුල්කරු වශයෙන් ලාභ නොලබන සංවිධානයක් වන “එයාර්පැරිෆ්” ආයතනය මඟින් වේ. ව්‍යාපෘතියේ කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

මෙහිදී පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනය, “එයාර්පැරිෆ්” ආයතනය සහ පරිසර අමාත්‍යාංශය අතර ත්‍රෛපාර්ශ්වීය හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් තැබීමටත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...