පරාටේ නීතිය යළි ක්‍රියාත්මකයි. පසුගිය රජය වගේම මේ රජයත් ව්‍යාපාරිකයින්ව රැවැට්ටුවා – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

ජුනි 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ නීතිය යළි සක්‍රීය වන බවත් මෙයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දැඩි පීඩාවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ජුනි 30 වැනි දා එනම් අද දින මැදියම් රැයේ සිට නැවත වරක් පරාටේ නීතිය සක්‍රීය වීම සිදු වේ. මේ නිසා දැඩි පීඩනයට පත් වන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ය. පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචකයන් නිසා සිය ව්‍යාපාර කඩා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට නැවත නැගී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරිම රජයේ වගකීම වේ. මැතිවරණ සමයේ බොරු පොරොන්දු ලබා දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් හිටපු රජයත් වත්මන් රජයත් රැවටුවත් දැන්වත් මේ ව්‍යවසායකයන් ගැන සිතා මොවුන්ට මූල්‍ය සහයෝගය ලබා දි නැවත නැගී සිටීමට අවශ්‍ය පදනම ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට නිසි සාධාරණයක් වන තුරු ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...