ආණ්ඩුව අන්තිම තුරුම්පුවත් ගැහුවා – දැන් දෙවෙනි අරගලය පටන් ගන්න වෙලා (VIDEO)

Date:

එළඹෙන මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් පැවැත්වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නියෝජිතයින් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත බවක් නොමැති බවයි.

මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ රු. මිලියන 400ක මුදල් ලබා දෙන තුරු ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බවයි.

මෙය ඉතිහාසයේ නොවූ විරූ දෙයක් බවත් මීට ඉහතදී මැතිවරණ කොමිසම ජන්ද පවත්වා තිබෙන්නේ අත්පිට මුදලට නොවන අතර ජන්දයෙන් පසුව එම මුදල් ප්‍රතිපූරණය කිරීමක් සිදුවන බවයි මෙහිදී පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණයට අදාළ මුදල් රජය විසින් නිදහස් නොකිරීමේ අවසන් තුරුම්පුව ගසා තිබෙන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරක හෙලීමක් බවත් මැතිවරණ සටන පසෙකින් තබා මැතිවරණය පවත්වන ලෙස බලකෙරෙන සටන ආරම්භ කිරීමට සිදුව තිබෙන බවද මෙහිදී දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...