*
Friday, May 17, 2024
spot_img

Latest Posts

නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට IMF එක්වෙයි

චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නිලධාරීන් ලබන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇති බවත්,එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

අදාළ වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ මූල්‍ය අර්බුදයකට මුහුණ දී ණය පහසුකම් අපේක්ෂා කරන ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව මෙන්ම ශ්‍රී ලංකාව, සුරිනම් සහ ඉක්වදෝරය වැනි රටවල නිලධාරීන් ද එම වටමේස සාකච්ඡාවට සහභාගී වන අතර ඔවුන් ජී 20 රාමුව යටතේ ණය සහන ඉල්ලා ඇති බවයි .

රොයිටර්ස් පුවත් සේවය වාර්තාවට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 20 කණ්ඩායමේ වත්මන් සභාපතිත්වය දරන ඉන්දියාව එහි සම සභාපතිත්වය දරනු ඇත.

මෙම හමුව ජී 20 කණ්ඩායම නියෝජනය කරන රටවල මූල්‍යමය අංශය භාර නිලධාරීන් අතර ලබන 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වෙන්නේ ඉන්දියාවේ බෙංගලූරු වලදීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan