නිදහසේ මැතිවරණ තියන්න නම් කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය දෙන්න – පැෆ්රල් (VIDEO)

Date:

මුදල් ලබා නොදීම මත ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධවක් මතුව තිබෙන අතර මෙවැනි දෙයක් වාර්තා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර වෙනත් වාර වලදී ජන්දය පැවැත්වුණේ පසුව ගෙවීමේ පදනම මත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආර්ථික සාධකය මුල්කරගෙන මෙලෙස මැතිවරණ පැවැත්වීම කල්දැමීමට උත්සහ ගැනීම නරක පූර්වාදර්ශයක් වන බවත් එය ඉදිරියේදී පැමිණෙන පාලකයන්ට වුවද මැතිවරණ කල්දැමීම සඳහා මෙය පාදක කරගත හැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ඒ අනුව නිදහසේ මැතිවරණ පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය ලබාදිය යුතු වන බව හෙට්ටිආරච්චි මහතා කියාසිටියි.

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයට අදාළ මෙම තත්ත්වය මතු වුව ඉදිරියේදී මෙය මහ මැතිවරණය,ජනාධිපතිවරණය දක්වාම බලපෑම් විය හැකි බවද හෙතෙම සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...