විදුලිබිල් සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන්..

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇත. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි.

ජාතික සභාව දැනුම් දුන්නේ ඊයේ දිනයේදී, විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව 02 ට මුණගැසී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට දැනුම් දී ඇත.

එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාහ කර ඇත්තේ අද දින කොමිෂන් සභාව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට බලපොරොත්තු වන බවයි. මින් පෙර ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය මේ මස 15 වනදාට පෙර දැනුම්දෙන බව මහජන උපයෝගීතා කොමිසම ජාතික සභාවට දැනුම් දී තිබුණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පවසා ඇත්තේ හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ආධාර මත ඉදිකරන ලද නව නිවාස රැසක් ජනතා අයිතියට..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...

රාජ්‍ය අරමුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම්...

කයිරෝ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 31ක් ජීවිතක්ෂයට(VIDEO)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඊජිප්තුවේ අගනුවර...

චීනය ඇතුළු රටවල් රැසකට අලුතින් තීරුබදු පැනවීමට ඇමරිකාවෙන් තීරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඇමරිකා එක්සත් ජනපදය...