ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !

තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.

මේ අතර මෙම තරගාවලිය නැරඹීමට ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්, ඔවුන්ට ලැබුණු පහසුකම් සම්බන්ධයෙන් නොසතුට පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහ විධායක කමිටු නිළධාරීන් කිහිප දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිටී. ඔවුන් පවසන්නේ ඕස්ට්‍රේලියානු බළධාරීන් තමන්ට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදුන් බවයි.

යම් රටක ක්‍රීඩා කණ්ඩායමක් වෙනත් රටක තරග සංචාරයක නිරත වන්නේ නම් ක්‍රීඩාවට සම්බන්ධ නිළධාරීන් පිරිසක්ද එම සංචාරයට එක්වන අතර ඔවුන්ට සියලු පහසුකම් ලබාදීම සත්කාර රටේ ක්‍රීඩා නිළධාරීන්ගේ වගකීමක් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ද විදෙස් කණ්ඩායම් පැමිණෙන සෑම අවස්ථාවකදීම එම කණ්ඩායම් සමග පැමිණෙන නිළධාරීන්ට විශේෂ ආගන්තුක සත්කාර සපයනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පිරිසට ඊයේ දිනයේ පැවති දෙවැනි 20/20 තරගය නැරඹීමට සිදුව තිබෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගනයේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් රැඳී සිටින ප්‍රේක්ෂකාගාර තුළ සිටිමිනි. ඕස්ට්‍රේලියානු බළධාරීන් තමන්ට කුඩම්මාගේ සැළකිලි දැක්වීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...