ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)

Date:

අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

අධිකරණය නියෝගයට ගරු කර වැඩවර්ජනය තාවකාලිකව නතර කළද වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවයි රත්නප්‍රිය මහතා පැවසුවේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන්නේ මීට මාස 4කට පමණ පෙර සිට වන අතර ඒවා ඉටුකිරීම අමාත්‍යාංශය ලේකම්වරයා පවා මඟහැර ගොස් ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද අධිකරණය හමුවට යන බව රත්නප්‍රිය මහතා කියා සිටියේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පොරොන්දු පත්‍රයක් දී ඇතත් ඒවා ඉටුකර නැති අතර ජනාධිපතිවරයාද සිය වගකීම් පැහැර හැර ඇති බව ඔහු අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර එක්කම නාමලුත් මාලදිවයිනේ සංචාරයක ?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා...

හිටපු නාවික හමුදාපති CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පොතුහැර ප්‍රදේශයේදී සිදුව...

Celebrity Buzz: දැනට හොලිවුඩයෙන් ගිලිහුණු අමරණීය තරු කිහිපයක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඓතිහාසික වාර්තාවක්!

රෂිකා හෙන්නායක ජූලි 28 , කොළඹ LNW : අද (28)...