*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ස්විස් දුම්පානය ප්‍රචාරණයට වැට බඳියි

තරුණ පිරිස් වෙත දුම්පානය සඳහා උත්තේජනය සපයන දුම්කොළ ප්‍රචාරණය තහනම් කිරීමට ස්විට්සර්ලන්ත ඡන්දදායකයින් සිය සහාය දක්වා ඇත.

පසුගියදා ඒ පිලිබඳව රටපුරා පැවති ජනමත විචාරණයදි ඊට පක්ෂව ඡන්දය භිවිතා කිරිම නිසා මෙම තහනමට අවශ්‍ය ප්‍රවේශය නිර්මාණය වී තිබේ.

මෙම පියවර සමගින් ස්විට්සර්ලන්තයද සිය යුරෝපීය අසල්වැසියන් සමඟ එක් වෙයි.

යුරෝපයේ බෝහෝ රටවල් රැසක් මීට වසර ගණනාවකට පෙර දුම්කොළ වෙළඳ දැන්වීම් සඳහා දැඩි නීති රීති අනුගමනය කර ඇත.

සෞඛ්‍ය සම්පන්න සහ පරිසර හිතකාමී රටක් නිර්මාණය වි පවිතින ස්විට්සර්ලන්තයේ යුරෝපයේ දුම්කොළ සම්බන්ධයෙන් වඩාත්ම ලිහිල් නීති රීති පවතින රාජ්‍යයකි.

එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හෝ ජර්මනියේ මත්පැන්හල්වල සහ ආපනශාලාවල දුම්පානය තහනම් කර බොහෝ කලකට පසුවත්, ස්විට්සර්ලන්ත ජාතිකයින් තවමත් ඕනෑම තැනක දුම්පානය සිදු කරයි.

සුපිරි වෙළඳසැල් සාප්පු සවාරි යන්නන්ට නිතරම නවතම සිගරට් සන්නාමයන් යටතේ සිගරට් නොමිලේ ලබා දීමද එරට එවකට සිදු විය.

නමුත් මීට වසර කිහිපයකට පෙර එම දේවල් තහනම් කර තිබියදී, දුම්කොළ වෙළඳ දැන්වීම් දැනටත් ජනප්‍රියව පවති.

පසුගිය ඉරිදා මෙම ජනමති විචාරණ ප්‍රතිඵලයට ප්‍රශංසා කරමින්, එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ්ලේවියා වාසර්ෆලන් අදාල සමාජ තහනම සඳහා උද්ඝෝෂනය කළ වෛද්‍යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සංගම්වලට සිය උපහාර දැක්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සමාජ සම්මුතින් මීට වසර 20කට පමණ පෙර ජිනීවාහිදී සාකච්ඡා කෙරිණි.

ස්විට්සර්ලන්තය එය අත්සන් කර ඇත, නමුත් තවමත් එය නියෝජනය කර නොමැත.

යුරෝපයේ බොහෝ රටවල් සමඟ සසඳන විට, මෙරට සිගරට් මිල අඩු වන අතර ස්විට්සර්ලන්ත වැඩිහිටියන්ගෙන් 27% ක් දුම් පානය කරයි.

මෙනිසා දැඩි සීමාවන් හඳුන්වාදීමේ අරමුණින් ගෙන ආ විවිධ නීති නැවත නැවතත් ස්විස් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

එනිසා තහනමක් ඉල්ලා ජනමත විචාරණයක් සිදු කිරීමට සමාජ සංවිධාන ප්‍රමුඛ උද්ඝෝෂකයින් ප්‍රමාණවත් අත්සන් එකතු කිරීමෙන් පසුව , ස්විට්සර්ලන්ත රජය මේ පිළිබඳව මහජන මතය විමසිමට ඡන්දයක් නිර්දේශ කළේය.

Philip Morris, British American Tobacco සහ Japan Tobacco යන ප්‍රකටදුම්කොල සමාගම් සියල්ලක්ම ස්විට්සර්ලන්තයේ පිහිටා ඇත.

දුම්කොළ කර්මාන්තය වසරකට ඩොලර් බිලියන 6ක් සහ රැකියා 11,000ක් ස්විට්සර්ලන්ත ආර්ථිකයට දායක වනු ඇතැයි ගණන් බලා ඇත.

ස්විට්සර්ලන්තයේ සෑම වසරකම දුම්කොළ ආශ්‍රිත මරණ 9,000 ක් සිදුවන අතර දුම්කොළ ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ පිරිවැය සෞඛ්‍ය පද්ධතියට මහත් බරකි.

ඡන්දයට පෙර, මත විමසුම් යෝජනා කළේ 60% කට වැඩි පිරිසක් තහනමට සහාය දෙන බවයි. අවසානයේ එය 56% දක්වා අඩු වූ නමුත් බහුතරය මෙම තහනමට එකඟතාවය පල කර සිටි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan