පසුගාමී කොදෙව්වක කාන්තා විමුක්තිය ….

Date:

ස්ත්‍රීවාදය හා සමාජවාදය කියන්නෙ එකිනෙකට වෙනස් මතවාද දෙකක් මිසක් එකක් නොවේ.. ස්ත්‍රීවාදයෙන් මුඛ්‍ය ලෙසම ප්‍රකාශ වෙන්නේ අපිට පිරිමි අවශ්‍ය නෑ කියන අන්තවාදයයි..

පුරුෂ විරෝධී අරගලයක් විදියට ගැහැණු ගැහැණු විවාහ වෙන්නෙත් මේ අන්තවාදය ඇතුලේ. ( පුරුෂ විරෝධයක් රහිතව නිදහස් කැමැත්ත මත සිදුවන ගැහැණු ගැහැණු විවාහයට මා විරුද්ධ නැත.)

අපි අමතක කරන්න හොඳ නෑ ගැහැණුන් යනු දෙවන ලිංගිකයින් ගනයට ඇද දැමූ පීඩිත මිනිස් කොටසක් ලෙස මුලින්ම හඳුනා ගත්තේ මාක්ස්, සාස්ත්‍රේ, විශේෂයෙන්ම ඒංගල්ස් වැනි පුරුෂ දාර්ශනිකයන් විසින් බව..

මාක්ස්වාදය තුල මෙන්ම ලිබරල් ඉගැන්වීම් තුලත් සඳහන් වෙන්නේ ගැහැණුන් පීඩිත ලිංගිකයන් කොටසක් බවට පත්වෙන්නේ පිරිමින් සතු කෘර බවක් නිසා නොව ඓතිහාසික සමාජ කොන්දේසි වල බලපෑම නිසාබවයි.. එහිදී පිරිමියා යනු පවත්නා සමාජ ආර්ථික කොන්දේසි වල වෛශයික පුද්ගල ප්‍රකාශනය පමණි..

ලංකාව වැනි රටක ගැහැණුන් වී ඉපදෙන්නෙ පව්කාරකම නිසා යැයි ඉගැන්වෙන දෘෂ්ටිවාද පසුපස වැඩිපුරම ගාටන්නේ ගැහැණුන්මය.. එය එසේ වන්නේ සියවස් ගනනාවක් තිස්සෙ පැමිණි සමාජ ආර්ථික අගතිය නිසා මිස පිරිමින් කළ දෙයක් නිසා නොවේ..

ලංකාවට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, කාන්තා අයිතීන්, යන සියළු දියුණු චින්තන දහරාවන් ආවේ බටහිර සංකල්ප විදියට පිටත ලෝකයෙන් මිසක් අපේ අතීතයෙන් නොවේ..

විශේෂයෙන් මෙහිදී කාන්තා විමුක්තිය වැනි සංකල්ප අපි අහ්‍යාස කරන කොට පිටත ලෝකයට නිරාවරණය වෙන්න ඕන.. ගෝළීය සංකල්ප හොයාගෙන එළියට යන්න ඕන. එහෙම නැතුව මේක ඇතුලෙම හිටපු කොම්බිලා, ඩිංගිරි අම්මලා පරමාදර්ශ කරගත්තොත් දන්නෙම නැතිව ප්‍රාදේශීය සහ අතීත අඳුරු දෙබොක්කවල්වල අපි හිරවෙනවා..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...