සෞඛ්‍ය වැඩවර්ජනය අදත් අඛණ්ඩවම ක්‍රියාත්මකයි

Date:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් විසින් ඊයේ ආරම්භ කරන ලද වැඩවර්ජනය අදත් (14) අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකා යන වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට එක්ව සිටින අතර සමස්ත ලංකා හෙද සංගමය ද අද දිනයේදී මෙම වැඩවර්ජනයට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර ඊයේ දිනයේදී බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ හෙයින් වැඩවර්ජනය අඛණ්ඩවම පවත්වාගෙන යන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කර තිබුණේ.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...