එක්දිනයක දී පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය වන ඉන්දුනිසියා මහ මැතිවරණය අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්දිනයක දී පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනිසියා මහ මැතිවරණය අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

An election commission officer walks among ballot boxes prepared for the upcoming general election, in Jakarta, Indonesia, February 6, 2024. REUTERS/Willy Kurniawan

ඉන්දුනිසියා මැතිවරණයෙන් එරට ජනාධිපතිවරයා , උප ජනාධිපතිවරයා ,උපදේශන සභාව සඳහා සාමාජිකයින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය , සෙනට් සභාව , පළාත් , නගර හා ප්‍රාන්ත මට්ටමින් ප්‍රාදේශිය ව්‍යවස්ථාදායක ආයතනවල සාමාජිකයින් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 200කට අධික පිරිසක් සුදුසුකම් ලබා සිටින අතර, ඉන් අඩක් පමණ වයස අවුරුදු 40ට අඩු ප්‍රජාව ව්න බව සඳහන් වේ.

අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සහ පළාත් මට්ටමින් ජනතා නියෝජිතයින් 20000ක් පමණ තෝරා ගැනිමට නියමිතයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙවර මැතිවරණයේ දී ප්‍රමුඛතම සාධකය වන්නේ තරුණ ඡන්ද දායකයින් බවයි.

ලොව විශාලතම මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන රාජ්‍යය මෙය වන අතර ලොව තුන්වෙනුවට විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස මෙය සැලකෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...

මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල්...

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත් අඩංගුවට ගෙන තිබේ. ඒ...