ඇමරිකානු ජනතාව මෙරටට ආකර්ශනය කර ගැනීමට වැඩපිළිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): වොෂින්ටන් DC තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු තානාපති අංශ, ඇමෙරිකානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ආකර්ශනය කරන දැවැන්ත වැඩපිළිවෙළකට අත ගසා තිබෙන බව සඳහන්වේ.

ඇමෙරිකාවේ ප්‍රධානම මාර්ගගත සංචාරක සමාගමක් වන එක්ස්ෆීඩියා හා කටාර් ගුවන් සේවයේ සහාය ද මේ සඳහා ලබා ගැනීමට තානාපති අංශ ක්‍රියාකොට තිබෙන බව වාර්තා වේ,

එය ජනවාරි 29දා ඇරඔුණ අතර අප්‍රේල් මැද දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වැඩසටහනට ඩොලර්30,000 සිට 50,000 දක්වා මුදලක් වැයවෙන බවට අනුමාන කෙරෙන අතර , කටාර් ගුවන් සමාගම ඊට අනුග්‍රහය දක්වා ඇත.

මෙම වැඩසටහන හේතුවෙන් ලංකාවේ සංචාරක හෝටල් හා ආශ්‍රිත කටයුතු ප්‍රවර්ධනයක් අපේක්ෂා කෙරේ.

2023දී තානාපති කාර්යාලය හරහා සිදු කල ප්‍රවර්ධනවල ප්‍රතිළුලයක් ලෙස එම වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කල ඇමෙරිකානුවන් සංඛාව 46,344 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම වැඩ සටහන තුළින් එම සංඛ්‍යාවතවත් ඉහළ දැමීමට ද අපේක්ෂා කෙරෙනවා.

තවද ඇමෙරිකානු සංචාරකයන් ලංකාවට වැඩිපුර ආකර්ශනය සඳහා මේ වසරේ තවත් වැඩසටහන් රැසක් සැළසුම් කොට ඇති බව දවොෂින්ටන් තානාපති ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...