ලේක්හවුස් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ඕ. ජයා මහතා අභාවප්‍රාප්ත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): ඊයේ(13) දින හදිසියේ ලේක්හවුස් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ඕ. ජයා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව වාර්තා වේ.

එම්.ඕ. ජයා මහතා 1980 දෙසැම්බර් 01 වෙනි දින නිෂ්පාදන විධායකයකු ලෙස ලේක්හවුස් ආයතනයේ සේවයට බැඳී ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ අධි සාමාජිකයකු වන අතර ඔහුගේ අභාවය දක්වාම එහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. ඔහු පරිගණක ප්‍රකාශන කලාව හා පූර්ව මුද්‍රණ කටයුතු දක්වා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥයෙකි.

අසූව මැද භාගයේදී මුද්‍රණය සඳහා ඡායා වර්ණයෝජනය මුද්‍රණ කලාවේ දියත් කරන අවස්ථාවේ එයට පුරෝගාමියා වූ අතර 2008 වසරේදී දැන්වීම් අංශ සඳහා කාර්ය ප්‍රවාහ පද්ධති හඳුන්වා දුන්නේය.

ඔහු විසින් සංස්කරණ හා පුස්තකාල පද්ධති හඳුන්වා දෙන ලදී. 1994 සැප්තැම්බර් මාසයේදී ඩේලිනිව්ස් පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනය හඳුන්වාදීමේ මෙහෙයුම් කණ්ඩායමේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. දිගු කාලයක් සේවය කිරීමෙන් පසු ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පද්ධති ලෙස හා මෘදු ප්‍රකාශනමය පිළිබඳ මෙහෙයුම් ප්‍රධානි ලෙස කටයුතුකොට සේවයෙන් විශ්‍රාම ගියේය.

එම්.ඕ. ජයා මහතා ව්‍යාපාර පරිපාලනවේදියෙකු (MBA) වන අතර මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.

දේහය ගොතටුව, බෝපැත්ත පාරේ අංක 300 A නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (14) දින පෙ.ව. 9.30 නිවසින් පිටත්වී ජාවත්ත මුස්ලිම් සුසානභූමියේදී භූමදානය සිදු කරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...