මෙරට බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමට ජපානෙන් සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): අද (14) පෙරවරුවේදී, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට විදුලිබල  ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා මහගු දායකත්වයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දෙන බවත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සඳහා ද ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද දෙන බව එහිදී අමාත්‍යවරයා පැවසුවේය.

තවදුරටත් කාංචන විජේසේකර මහතා පැවසූවේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය  පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය දෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...