අධ්‍යාපනය විකිණීමේ කිසිදු සූදානමක් නෑ – සුරේන් රාඝවන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිත බවත්, අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද සූදානමින් සිටින බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ,

” විදෙස් විශ්වවිද්‍යාල 03ක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඉන් විශ්වවිද්‍යාල දෙකක්ම ස්ථාපිත වෙමින් පවතිනවා. මෙම වසරේ මැයි මාසය වන විට තුන්වන විශ්වවිද්‍යාලය ද ලංකාවේ ස්ථාපිත කෙරෙනවා.

ඉන්දියානු තාක්ෂණ ආයතනය (indian institutes of technology) මහනුවර දී විවෘත කිරීමට නියමිතයි. අනෙක් විශ්වවිද්‍යාල දෙක එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එහි ශාඛා දෙකක් ලෙස විවෘත කිරීමට නියමිත අතර එහි අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට ද අප සූදානමින් සිටිනවා.

විජේදාස රාජපක්ෂ කමිටු වාර්තාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කමිටු වාර්තාව එක් කර නව උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම ඇරඹීමේ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා පත් කරගැනීමට අප කටයුතු කළා. එහිදී ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ බහුවිධ උපාධි ලබාදීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. ඔහු සමඟ මෙල්බන්, සිඩ්නි යන විශ්වවිද්‍යාල ඇතුළු තවත් විශ්වවිද්‍යාල 10ක අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමැති කුලපතිවරුන් මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් විසින් අපගේ අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයෙන් පසු ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.

එමෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියාමනය කළ යුතු වනවා. එහෙත් අධ්‍යාපනය විකිණීමේ කිසිදු සූදානමක් නැති බව ද සඳහන් කළ යුතුයි”

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...