එජාපය අලියා ලකුණින් තරග වදින තැන් තීරණය කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගරසභා 04ක් සඳහා “අලියා” ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ, මහනුවර, ගාල්ල සහ නුවර එළිය මහ නගරසභා සඳහා අලියා ලකුණින් තරග වැදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ඊයේ (පෙබරවාරි 14) සිරිකොට පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට ඔවුන් එළඹී ඇති බව සඳහන්.

එමෙන්ම, අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සුදුසු ඡන්ද ලකුණක් යටතේ තරග කිරීමටත් ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 20 වනදාට පෙර අවසන් තීරණයක් ගැනීමටත් එහිදී තීන්දු කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...