වංගු දාලා ගහපු ගේම් එක එක එළියට!

Date:

කොළඹ LNW:මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි 14,715ක් වැය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ, ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක් මඟිනි.

මෙම මුදල වැය කර ඇත්තේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බව එම වාර්තාවේ දක්වා තිබේ.

මෙම මුදලට මග නැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 6426 ක් ප්‍රතිසංස්කරණය අලුත් වැඩියාව සහ සංවර්ධන කටයුතු සඳහා වැය කළ රුපියල් කෝටි 381ද ඇතුළත් අතර අධිකාරියේ විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය යටතේ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.

විනිවිදභාවය ප්‍රශ්න කරමින් සමස්ත මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණයෙන් 73% ක ප්‍රතිශතයක් වූ කිලෝමීටර් 8958 ක මාර්ගයන්හි වූ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දක්වා නැති බවටද අනාවරණය වී ඇත.

විශේෂයෙන් මාර්ග පද්ධති සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාර්ග පද්ධති සංවර්ධනය සහ නඩත්තුව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වුවත් ඒ අනුවද කටයුතු කර නැති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...