මහ මැතිවරණයටත් වඩා ජන්ද අපි මේ පාර ගන්නවා – නි.ඇ.චතුරංග අබේසිංහ

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් ආර්ථිකය අස්ථාවර වී නැවත ආර්ථික අර්බුදය ඇතිවිය හැකි බවට වූ විපක්ෂයේ සටන් පාඨ සියල්ල දැන් අහෝසි වී තිබෙන අතර එවැනි බියක් සහිතව මහමැතිවරණයේ දී ජන්ද නොදුන් ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජන්දය දෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අබව පැවසුවේ අද (15) රාජගිරිය ප්‍රදේශයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට සම්බන්ධ වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මිනිස්සු බලාපොරොත්තු වුණේ වංචාවෙන්,දුෂණයෙන් තොර රටක්, ජාතික සැලැස්මක් මත වැඩකරන රටක් වන අතර පවතින ආර්ථික තත්ත්වය ගැනත් ජනතාවට අවබෝධයක් ඇති හෙයින් පසුගිය මහමැතිවරණයට වඩා වැඩි ජන්ද ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අබේසිංහ මහතා කියාසිටියේ.

එමෙන්ම වර්තමාන රජය පසුගිය මාස හතරක කාලය තුළ නගර සභා,ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණ කමිටු හරහා ජනතාව වෙනුවෙන් කළ වැඩකොටස බිමේ ජනතාව හොඳින් දන්නා බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...