මහ මැතිවරණයටත් වඩා ජන්ද අපි මේ පාර ගන්නවා – නි.ඇ.චතුරංග අබේසිංහ

කොළඹ LNW:ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් ආර්ථිකය අස්ථාවර වී නැවත ආර්ථික අර්බුදය ඇතිවිය හැකි බවට වූ විපක්ෂයේ සටන් පාඨ සියල්ල දැන් අහෝසි වී තිබෙන අතර එවැනි බියක් සහිතව මහමැතිවරණයේ දී ජන්ද නොදුන් ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජන්දය දෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අබව පැවසුවේ අද (15) රාජගිරිය ප්‍රදේශයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට සම්බන්ධ වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මිනිස්සු බලාපොරොත්තු වුණේ වංචාවෙන්,දුෂණයෙන් තොර රටක්, ජාතික සැලැස්මක් මත වැඩකරන රටක් වන අතර පවතින ආර්ථික තත්ත්වය ගැනත් ජනතාවට අවබෝධයක් ඇති හෙයින් පසුගිය මහමැතිවරණයට වඩා වැඩි ජන්ද ප්‍රතිශතයක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අබේසිංහ මහතා කියාසිටියේ.

එමෙන්ම වර්තමාන රජය පසුගිය මාස හතරක කාලය තුළ නගර සභා,ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධීකරණ කමිටු හරහා ජනතාව වෙනුවෙන් කළ වැඩකොටස බිමේ ජනතාව හොඳින් දන්නා බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...