ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා – ශ්‍රී ලංකා මහ බැංකුව

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙයට හේතුව ලෙස මහ බැංකුව පවසන්නේ පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම නිසා බවයි.

මහ බැංකුව පෙන්වාදෙන්නේ, විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විශාල වශයෙන් පිටත්ව යාම සහ වෘත්තිකයින් සංක්‍රමණය වීම හේතුවෙන් පළපුරුදු පිරිස් අහිමි වීම හරහා ව්‍යාපාරවල ශ්‍රම බළකායේ හිඟයන් ඇතිවීම තුළ එය ඵලදායීතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇතිකිරීමට හේතුවනු ඇති බවයි. .

2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.දේශීය හා ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමනය සහ ආර්ථික වර්ධන පුරෝකථන  සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම එම වාර්තාවෙන් අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ අනුව කාර්මික නිෂ්පාදනය හා ආහාර සැකසුම් අංශ මෙන්ම විදුලි උත්පාදනය වැනි අංශ, දේශගුණික විපර්යාසයන්වල බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මැදි කාලීනව එවැනි සිදුවීම් මෙරට ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බව මහ බැංකු මුදල් ප්‍රතිපත්ති අදාළ වාර්තාවෙන් සඳහන් කර තිබේ.මීට අමතරව විදේශීය අංශයේ කාර්ය සාධනය කෙරෙහි ගෝලීය අවිනිශ්චිතතා, විශේෂයෙන් අමෙරිකාවේ දේශපාලන වෙනස්කම් මත ඇතිවන තත්ත්වයන් හේතුවෙන් බලපෑම් සිදුවිය හැකි බව ද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙළෙඳාම, ආයෝජන, ප්‍රාග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය සහ උද්ධමනය යන අංශයන්හි උච්චාවචන ඇතිවීමට අමෙරිකාවේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවිය හැකි බ‍වද මහ බැංකුව පෙන්වාදී ඇත.

මේ අතර 2025 වසරේ ජනවාරි සමීක්ෂණයට අනුව රජයේ වියදම් සහ වැටුප් වැඩිවීම්, පුද්ගලික භාවිත වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟ රුපියල අවප්‍රමාණය වීම, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ උත්සව මාසවල ඉහළ ඉල්ලුම යනාදි කරුණු හේතුවෙන් ඉදිරි මාස 03 සිට දිගු කාල සීමාවක් දක්වා අපේක්ෂිත උද්ධමනය ක්‍රමානුකූලව ඉහළ යෑමක් නිරීක්ෂණය කළ හැකි බව ද මේ වසර සඳහා ඉදිරිපත් කළ සිය පළමු මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...