Home විදෙස් ඉන්දියාව, ප්‍රංශයෙන් ඩොලර් බිලියන 40ක් පමණ වටිනා රෆායල් ප්‍රහාරක යානා මිලදී ගැනීමට...

ඉන්දියාව, ප්‍රංශයෙන් ඩොලර් බිලියන 40ක් පමණ වටිනා රෆායල් ප්‍රහාරක යානා මිලදී ගැනීමට සැරසේ

0
5

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාව ප්‍රංශයෙන් ඩොලර් බිලියන 40ක් පමණ වටිනා ‘රෆායල්’ (Rafale) ප්‍රහාරක යානා 114ක් මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම අනුමැතිය නවදිල්ලියේ රුපියල් ට්‍රිලියන 3.6 (ඩොලර් බිලියන 39.7) ආරක්ෂක වියදම් පැකේජයේ කොටසක්වන අතර මෙම ගනුදෙනුව ස්ථිර වුවහොත්, එය ඉන්දීය ආරක්ෂක ඉතිහාසයේ විශාලතම මිලදී ගැනීමක් වන අතර මෙවැනි මහා පරිමාණ මිලදී ගැනීම් කලාපීය ආරක්ෂක සමතුලිතතාවය කෙරෙහි බලපානවා පමණක් නොව, වර්තමාන තරඟකාරී භූ-දේශපාලනික වාතාවරණය තුළ දෙරට අතර පවතින දිගුකාලීන උපායමාර්ගික හවුල්කාරිත්වයද මැනවින් පිළිඹිබු වේ.

රෆායල් යනු දියුණු ගුවන් තාක්ෂණය සහ නිරවද්‍ය ප්‍රහාරක පද්ධතිවලින් සමන්විත බහුකාර්ය ප්‍රහාරක යානයකි. මීට පෙරද ඉන්දීය ගුවන් හමුදාවට රෆායල් යානා එක්කර ඇති අතර, මෙම නව යානා බලඇණිය හරහා බටහිර සහ උතුරු දේශසීමා ආශ්‍රිත මෙහෙයුම් සූදානම තවදුරටත් ශක්තිමත් වනු ඇත. මෙම ගනුදෙනුව යටතේ තාක්ෂණය හුවමාරු කර ගැනීම සහ ඉන්දියාව තුළම නිෂ්පාදන කටයුතු සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරේ.

මෙම ගනුදෙනුව නවදිල්ලිය සහ පැරිසිය අතර පවතින උපායමාර්ගික සබඳතාවල සුවිශේෂී වර්ධනයක් වනු ඇත.

මෙම මස 17 සිට 19 දිනයන්හි ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවේ ඉන්දියා-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය දියත් කරන අතර නවදිල්ලියේ පැවැත්වෙන AI බලපෑම් සමුළුවට සහභාගී වීමට නියමිත වන තර එහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම,ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාවය ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු නායකයින් සාකච්ඡා කරනු ඇත.